04 June 2026

logo

ඉරාන නෞකාවකට ප්‍රහාරයක්



තෙල් පටවා ගැනීම සඳහා ඉරානයේ කාර්ග් දූපත බලා යාත්‍රා කරමින් තිබූ Botswana ධජය සහිත නෞකාවකට ජාත්‍යන්තර මුහුදේදී ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමූස් සමුද්‍ර සන්දියේ අර්බුදය හේතුවෙන් අරාබි මුහුද ඔස්සේ ඉරානයට යාත්‍රා කරන සියලු නෞකා අවහිර කිරීමේ තීරණය මත මේ ප්‍රහාරය සිදු කර තිබෙන බවයි.
 
එම කාර්ය මණ්ඩලයට සිදු කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා.

(colombotimes.lk)