04 June 2026

logo

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි තීරණයක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගන්නා ඉදිරි හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා සකස් කළ යෝජනාවක් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි දේශපාලන බලපෑමක් ලෙස සැලකෙන බවයි. 

පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූ මෙම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය වෙත තම අකමැත්ත ප්‍රකාශ කරමින්, රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක් වී තිබෙනවා. 

ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් සහ විපක්ෂව ඡන්ද 208ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 


(colombotimes.lk)