යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පිරිමි දරුවෙක්ගේ ඇඟේ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ පොතුවිල් පොලිස් වසමේ පොතුවිල් පානම මාර්ගයේ පසරච්චේන ප්‍රදේශයේදීයි.
එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පිරිමි දරුවා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි දරුවා මෙලෙස මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය දරුවා අවුරුදු 08 මාස 10ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
(colombotimes.lk)
