කොළඹ මියුසියස් විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම් එක්ව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර අද (06) පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙනවා.
ඒ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදීයි.
මෙම ලේ දන්දීමේ කඳවුර 'එක්ව අපි ජීවිත සුරකිමු' යන තේමාව යටතේ සංවිධානය කර තිබෙනවා.
රට තුළ පවතින රුධිර අවශ්‍යතාව සපුරාලීම සඳහා දායක වෙමින් ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම ලේ දදීමේ කඳවුර සංවිධානය කර තිබෙනවා.
(colombotimes.lk)
