13 September 2025

logo

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි



නාවලපිටිය දෙකිද මර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් අද (13) අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම ත්‍රීරෝද රථයේ අයිතිකරු නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ පින්කම් ගෙදරකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි අතරතුර එලෙස ගිනි ගැනීමකට ලක්වූ බවයි. 

එලෙස ඇති වූ ගින්නෙන් කිසිම පුද්ගලයෙක්ට අනතුරක් සිදු වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
නාවලපිටිය පොලීසිය සඳහන් කළේ ගින්නට හේතුව ත්‍රී රෝද රථයේ හටගත් ඉන්ධන කාන්දුවක් බවයි.




(colombotimes.lk)