13 September 2025

logo

ප්‍රදේශ රැසක් රත්වෙයි - සෞඛ්‍ය අංශවලිනුත් රතු එළි



උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිගු වේලාවක් උණුසුමට නිරාවරණයවීම සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවයි. 

එමෙන්ම විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම්ද ඇති විය හැකි අතර උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

(colombotimes.lk)