13 July 2025

logo

අන්තර්ජාලය ව්‍යාපාරයන්ට නව ඩිජිටල් සේවා බද්දක්



අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා නව ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදීයි.

එමෙන්ම, අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විශාල මුදල් ප්‍රමාණයක් විදේශීය බැංකු ගිණුම්වලට ලබාගන්නා බව ද මෙම කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)