19 July 2025

logo

තේ කර්මාන්තය නඟා සිටුවීමට නව ප්‍රයත්නයක්



1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

තේ කිලෝග්‍රෑම් 01ක් මත රුපියල් 03ක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට අපේක්ෂා කරන බවත් මෙම බලපත්‍ර ගාස්තුව තේ වගාවේ සහ තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට අදහස් කරන බවත් නිලධාරීන් සඳහන් කළා.

එම අරමුදල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පිහිටුවන ලද ප්‍රාග්ධන අරමුදලට බැර කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.     

වගා නොකර අතහැර දැමූ වතුවල නැවත වගා කිරීම තුළින් තේ වතුවල ඵලදායීතාව වැඩි දියුණු කිරීමට මෙන්ම තේ කර්මාන්තශාලාවල කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවස්ථා උදා වන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළා. 

 (colombotimes.lk)