24 June 2026

logo

හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්



හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) පස්වරු 6.00 සිට හෙට (25) පස්වරු 6.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා. 

(colombotimes.lk)