රට පුරා පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා කප්රුක අරමුදලේ කළමනාකරණ කමිටු ප්‍රතිසංවිධානය කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
එහි සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ මේ සඳහා මුලපිරීමේ පළමු අදියර පෙබරවාරි 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන බවයි.
ඒ අනුව මෙම මාසයේ පොල් පැළ මිලියන 2.5ක් සිටුවීමට සූදානම් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රතිසංවිධානය කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව සිදු වන බවත් ඉදිරි මාසවලදී එය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)