22 October 2025

logo

කොළඹ ගංවතුර පාලනයට නව ව්‍යාපෘතියක්



ගංවතුර පාලනය කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්. 
 
ඒ අනුව, තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බව මූලික අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
(colombotimes.lk)