22 October 2025

logo

පුත්තලමේ පොල් ඉඩම් රැසකට පොල් දළඹු වසංගතයක්



පොල් වගාව ආශ්‍රිතව පැතිර යන පොල් දළඹු වසංගතයෙන් පුත්තලමේ ප්‍රදේශ රැසක පොල් ඉඩම් රැසකට මේවන විට දැඩි හානියක් සිදුවී තිබෙනවා.

ඒ අනුව අක්කර 100ක පමණ මෙම දළඹු වසංගතය දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

හානිය වළක්වා ගැනීම සඳහා පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරීමේ මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් දරන අතර පොල් වගාවේ පැතිරයන දළඹුවන් සුහුඹුල් අවස්ථාවේ සිට පත්‍ර වල රැඳි සිටිමින් යුෂ උරා බීමත් සමඟ පොල් අතු සියල්ල පිළිස්සී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)