22 October 2025

logo

දැදුරු ඔය ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්



දැදුරු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය හෙට (22) දහවල් 12.00 දක්වා වලංගු වන බවයි.

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විටත් තත්පරයට ඝණ අඩි 5,038ක තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

(COLOMBOTIMES.LK)