20 October 2025

logo

ඊශ්‍රායලයෙන් ගාසාවට යළිත් ගුවන් ප්‍රහාර



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කරන බව ඊශ්‍රායලය පවසනවා. 

ඊශ්‍රායලය සඳහන් කළේ මෙය හමාස් සංවිධානය විසින් ගිවිසුම නොසලකා හැරීමකට එල්ල කළ ප්‍රතිචාරයක් බවයි.

තමන් කිසිදු ගැටුමක් ගැන නොදන්නා බවත් සටන් විරාමයට කැපවී සිටින බවත් එයට පිළිතුරු දෙමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි. 

(colombotimes.lk)