22 October 2025

logo

මාලිමාවේ මන්ත්‍රීවරියකට එරෙහිව පැමිණිල්ලක්



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නව ජනතා පෙරමුණ විසින්.

නව ජනතා පෙරමුණ කොළොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොළොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ හා සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ කොට්ඨාශ සංවිධායක සමන් රණතුංග විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් භාරදෙමින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණයට අපහාසය සිදුකළ බව ප්‍රකාශ කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සඳහන් කළේ පසුගිය තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කළ බවයි.

එම නඩු තීන්දුව නොසළකා හැර කටයුතු කරන ලෙසට ඇය උපදෙස් ලබා දී ඇති බවද සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)