උඩරට මාර්ගයේ අද (10) සිට ඇල්ල ඔඩිසි - නානුඔය නමින් නව දුම්රියක් ධාවනයට එක්කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
මෙම නව දුම්රිය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතයි.
නානුඔයෙන් උදෑසන 8.10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 11.36ට බදුල්ලට ළඟා වනවා.
එම දුම්රිය සඳුදා දිනවල හැර සෙසු සියලු දිනවල බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉදිරියේදී ඉල්ලුම පරිදි දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමටද පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)