16 September 2025

logo

අධිකරණ පද්ධතියේ ගෙවීම් කළ හැකි අළුත් ක්‍රමයක්



මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් මඟින් ගනුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම සිදුකර තිබෙනවා.

මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මඟින් ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු සහ සහතික පිටපත් ගාස්තු යන සියලුම ගෙවීම් කාඩ්පත් මඟින් සහ මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට මහජනතාවට පහසුකම් සැලසෙන බවයි වාර්තා වන්නේ.
 
නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් මඟින් ගෙවීමේ පහසුව ඊයේ (10) සිට ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)