ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 අර්ධ ශතක රැස් කළ පිතිකරුවා බවට වාර්තා අතරට එක් වීමට පැතුම් නිස්සංක සමත්වුණා.
ඒ ආසියානු කුසලානයේ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී අර්ධ ශතකයක් රැස් කිරීමත් සමඟයි.
T20 ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ විරාත් කෝලි සමඟ සමතැන් ගැනීමටද ඔහු සමත්වුණා.
ඔවුන් දෙදෙනාම ආසියානු කුසලානවලදී අර්ධ ශතක 04 බැගින් රැස් කර තිබෙනවා.
(colombotimes.lk)