අපේ ජීවිත කාලය තුළ අපි අපිටම, නොදැනුවත්වම වැරදි කරනවා. මේ දේවල් අපි දවසක් දෙකක් නෙමෙයි හැමදාම කරන දේවල්. ඒ විදිහට අපි කරන වැරදි 7ක් ගැන තමයි Colombo Times අපි කියන්න යන්නේ.
1. උදෑසන ආහාරය මඟ හැරීම
ගොඩක් අය හිතන්නේ උදෑසන ආහාරය මඟ හරින එකෙන් බර අඩු වෙනවා කියලා. හැබැයි එහෙම නැහැ. උදෑසන ආහාර මඟ හැරීමෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කරනවා වගේම සිරුරේ ශක්තිය අඩු කරනවා.
උදෑසන ආහාරය මඟ හැරියට පස්සේ ඊළඟට ගන්න තියෙන්නේ දහවල් ආහාරය. ඔයා ඉන්නේ ගොඩක් බඩගින්නේ නිසා දහවල් ආහාරය ගන්නකොට වැඩිපුර ගන්න සිද්ධ වෙනවා.
මේ විදිහට ආහාර ගන්න එකෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වීම, තෙහෙට්ටුව, කෝපය සහ අවධානය යොමු කිරීමේ හැකියාව නැති වෙලා යනවා.
ඒ නිසා උදෑසන ආහාරය මඟ හරින්නේ නැතුව ප්‍රෝටීන් සහිත ආහාර, සෞඛ්‍ය සම්පන්න මේදය සහිත ආහාර, ධාන්‍ය වර්ග, තන්තු සහිත ආහාර ගන්න පුරුදු වෙන්න.
2. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
ආහාර ජීර්ණයට, සමේ සෞඛ්‍යයට සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා ජලය අත්‍යාවශ්‍යයි. මොකද ඔයා බොන වතුර ඔක්කොම දහඩිය, මුත්‍රා සහ හුස්ම සඳහා වැය වෙනවා. හැබැයි ඔයා වතුර බොන්නේ නැතුව හිටියොත් විජලනය, හිසරදය, ශක්තිය අඩු වීම, ආහාර ජීර්ණය දුර්වල වීම, සම වියළි වීම සහ අවධානය යොමු කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා වතුර බෝතලයක් පේන මානයේ තියාගෙන දවස පුරා ජලය පානය කරන්න. පිපිඤ්ඤා, කොමඩු හෝ දොඩම් වගේ දේවල් නිතරම ගන්න. දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් බොන්න උත්සාහ කරන්න.
3. දුර්වල නින්ද
රෑට ප්‍රමාණවත් තරම් නින්දක් නැති වීම සහ අක්‍රමවත් නින්දක් කියන්නේ පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙමෙයි. මොකද ශරීරය අලුත්වැඩියා කරන්න, හෝමෝන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරන්න සහ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙන යන්න නින්ද වැදගත්.
ඒ වගේම හොඳ නින්දක් නොලැබීමෙන් මානසික ආතතිය, සිරුරේ බර වැඩිවීම වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා.
ඒ නිසා සෑම රාත්‍රියකම පැය 7–9 ක නින්දක් ලබාගන්න. පුළුවන් නම් නින්ද සඳහා කාලසටහනක් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ රෑට හැමදාම 10ට නිදාගන්නවා, උදේ 6ට ඇහැරෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් ටික දවසක් මේක කරන්න. එතකොට දන්නෙම නැතුව ඔයාට ඒක පුරුදු වෙයි.
4. Digital Screen අධික ලෙස භාවිතා කිරීම
නිතරම Digital Screen වලට නිරාවරණය වෙන එකෙන් ඔයාගේ ඇස් සහ නින්දට බාධා කරනවා. ඒ වගේම බෙල්ල පිටුපස වේදනාව, හිසරදය සහ මානසික සෞඛ්‍යයටත් නින්ද බලපානවා.
ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි 20-20-20 රීතිය අනුගමනය කරන එක. ඒකෙදි කරන්න තියෙන්නේ සෑම විනාඩි 20 කට වරක්, තත්පර 20 ක්, අඩි 20 ක් දුර බලාගෙන ඉන්න එක.
5. ව්‍යායාම මඟ හැරීම
උදාසීන ජීවන රටාවක් ගත කරන එකෙන් ශරීරයේ බර වැඩිවීම, හෘද රෝග, දියවැඩියාව, මානසික අවපීඩනය ඇති වීම, ශක්තිය අඩු වීම සහ රුධිර සංසරණයට දුර්වල වීම සිදු වෙනවා.
ඒ නිසා දිනපතා අවම වශයෙන් මිනිත්තු 30ක් ඇවිදීම, බයිසිකල් පැදීම, ස්ට්‍රෙචින්ග් කිරීම, ව්‍යායාම කිරීම සිදු කරන්න.
6. දුර්වල ආහාර රටාව
අපි ගොඩක් වෙලාවට ලේසියට සැකසූ ආහාර, සීනි සහ සෞඛ්‍ය සම්පන්න නොවන මේද අධික ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නවා. මේ නිසා ශරීරයේ බර වැඩිවීම, ශක්තිය අඩු වීම, ආහාර ජීර්ණ ගැටළු, දියවැඩියාව හෝ හෘද ගැටළු වැනි නිදන්ගත රෝගවලට හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා පළතුරු, එළවළු, ඇට වර්ග සහ ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර කෑමට ගන්න. සීනි සහ සැකසූ කෙටි ආහාර ගැනීම නතර කරන්න.
7. මානසික සෞඛ්‍යය නොසළකා හැරීම
ආතතිය, කාංසාව ඔයාගේ සමස්ත සෞඛ්‍යයටම බලපානවා. මේ නිසා ප්‍රතිශක්තිය දුර්වල වීම, සිරුරේ දැවිල්ල වැඩි කිරීම, නින්දට බාධා කිරීම සහ කාංසාව හෝ මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්.
මේ තත්වයෙන් මිදෙන්න භාවනා කරන්න, දිනපොතක් තියාගෙන හිතට එන දේවල් ලියන්න, ව්‍යායාම කරන්න සහ යාළුවොත් එක්ක කාලය ගත කරන්න.
ඉතින් ඔයත් මේ වැරදි කරන කෙනෙක් නම් අද ඉඳන් ඒ දේවල් කරන එක නතර කරන්න. මොකද එහෙම කරන එකෙන් ලෙඩ වෙන්නේ ඔයාමයි. ඒ නිසා අද ඉඳන් ඔයා ඔයා ගැන හිතලා වැඩ කරන්න.
(colombotimes.lk)