ඉරානය සහ ඇමරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ඕමානයේදීයි.
කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත්වීමෙන් සකස් කළ විශේෂ රාමුවක් යටතේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීම මෙහි අරමුණ වන බවයි.
යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලස්ටික් මිසයිල පාලනය සහ කලාපයේ පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීම සීමා කිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
