24 November 2025

logo

පාසල් වෑන්වලට ලබන වසරේ සිට එකතු වන දෙයක් ගැන දැනුම්දීමක්



පාසල් වෑන් රථ සඳහා CCTV පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

ඒ අද (24) පාර්ලිමේන්තුව අමතමින්.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේදී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රජය කටයුතු කරන බවයි. 

එමෙන්ම පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වාදීමට ද කටයුතු කරන බව අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)