24 November 2025

logo

ගොඩගැසී තිබෙන රියදුරු බලපත්‍ර මුද්‍රණය අවසන් කරන කාලය දැනුම්දෙයි



නිකුත් කිරීමට පවතින සියලු රියදුරු බලපත්‍ර ලබන පෙබරවාරි මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
 
එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ගනු ලබන කාඩ්පත් නොමැති වීම හේතුවෙන් මෙලෙස නිකුත් කිරීම නතර කර තිබෙනවා. 

ඔහු කියා සිටියේ මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි. 

එමෙන්ම ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 

ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධස්ථානවලදීයි. 

(colombotimes.lk)