විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම විරෝධතාවය රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් රැසක් එක්ව තිබෙනවා.
(colombotimes.lk)
