27 January 2026

logo

ප්‍රංශයේ ළමුන්ට තහනම් වන දෙයක් ගැන දැනුම්දීමක්



ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාවයද ලැබී තිබෙන බවයි.
 
එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද මෙම යෝජනාවට සහය පළ කර තිබෙනවා. 

පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවයි වාර්තා වන්නේ. 

Snapchat, Instagram සහ TikTok යන සමාජ ජාලා වෙත වයස අවුරුදු 15ට අඩු ළමුන්ට ප්‍රවේශ වීම තහනම් කිරීම මෙම නව නීතියේ අරමුණ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)