22 November 2024


නවසීලන්ත වේග පන්දු යවන්නෙක්ට මාසයක තරග තහනමක්



නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Doug Bracewell හට මාසයක තරග තහනමක් පැනවීමට එරට ක්‍රීඩා විනිශ්චය සභාව තීරණය කර තිබෙනවා.

ඒ ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

කෙසේ වෙතත් එම තහනම පසුගිය අප්‍රේල් 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට මේ වන විට බාධාවකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)