ඉන්දුනිසියානු බහුදින ධීවර යාතුාවකින් මෙරට යාතුාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු ඊයේ රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඒ මීගමුව ධීවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදීයි.
පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය පදිංචි 33 හැවිරිදි ධීවරයෙක්.
තුවාල ලැබු ධීවරයා ඇතුලු පිරිස 'සචින්ත පුතා' නමැති බහුදින යාත්‍රාවෙන් ඉකුත් 22 වැනි දින මුහුදු ගොස් දකුණු මුහුදේ ධීවර කටයුතුවල යෙදි සිට තිබෙනවා.
එහිදි තුවාල ලැබු ධීවරයා මෙරට මුහුදු සිමාවේ ගමන් කරමින් තිබු නෞකාවකට බාරදි ඇති අතර පසුව එම නෞකාව මගින් දක්ෂිණ නාවික හමුදා නිලධාරින්ට බාර දී තිබෙනවා.
නාවික හමුදා නිලධාරින් ඩෝරා යාත්‍රාවකින් තුවාලකරු ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.
(colombotimes.lk)