30 May 2026

logo

ඡායාරූප ශිල්පියෙක් කුෂ් සමඟ කොටු වෙයි



රුපියල් මිලියන 25ක් පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඡායාරූප ශිල්පියෙක් වන බවයි වාර්තා වන්නේ. 

ඔහු හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇති වූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක් තුළ  ඉතා සූක්ෂමව මෙම කුෂ් තොගය අසුරා තිබියදී සොයා ගෙන තිබෙනවා. 

එම කුෂ් තොගය පළතුරු පැකට් තුළ වියළි පළතුරු ඉවත්කොට අසුරා තිබී සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)