20 October 2025

logo

සංචාරකයින් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට සැලැස්මක්



මේ වසර තුළ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් එළඹෙන අප්‍රේල් මස ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එම වැඩසටහනට අනුව සංචාරක කර්මාන්තයේ නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු විසදීමේ දී විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

එමෙන්ම ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ලක්ෂ 5ක් බව ඔවුන් පෙන්වා දෙනවා.
(colombotimes.lk)