ලබන 21වෙනිදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව වන බවයි.
එමෙන්ම එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද ඒ ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)