19 October 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලි පැනීමකට ලක්වීමෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව ඇති අතර එය පිලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)