11 February 2026

logo

පුද්ගලයන් 55ක් රැගත් ගුවන්යානයක් කඩා වැටෙයි



සෝමාලියානු මගී ගුවන්යානයක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන්යානය තාක්ෂණික දෝෂයකට ලක් වී මෙලෙස කඩා වැටුණු බවයි. 

කෙසේවෙතත් යානයේ සිටි 55දෙනෙක්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
එම ගුවන්යානයේ සිටි නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
අදාළ ගුවන්යානය මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික ගැටලුවක් ඇති වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේ සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානය යළි ගොඩබස්වන ලෙසට දැනුම්දී තිබෙන බවයි.  

(colombotimes.lk)