18 October 2025

logo

කෑමක් නිසා ගුවන්යානයක් ආපසු හරවයි



ව්‍යාපාරික පන්තියේ මගියෙකුට අවශ්‍ය වූ ආහාර වේලක් නොතිබූ නිසා United Airlines ගුවන් යානයක් චිකාගෝ වෙත හරවා එවා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙම ගුවන්යානය එක්සත් ජනපදයේ හූස්ටන් සිට ඇම්ස්ටර්ඩෑම් වෙත ගමන් කරමින් තිබූ බව සඳහන් වනවා. 
 
එම මගියාට අවශ්‍ය වූ ආහාර වේලක් නොතිබූ නිසා ගුවන් ගමනට බාධා කිරීම හේතුවෙන් මෙම යානය නැවත හැරවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 
 
කෙසේවෙතත් ගුවන් යානය පැය තුනකට වඩා ප්‍රමාද වී ඇම්ස්ටර්ඩෑම් වෙත ගොඩ බස්සවා ඇති බව සඳහන්.
 
මේ අතර 2022 වසරට සාපේක්ෂව 47% කින් නොහික්මුණු මගී සිදුවීම් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය මේ වසර මුලදී වාර්තා කළා.
(colombotimes.lk)