24 August 2025

logo

රාජකාරියේ නිරත වූ පොලිස් ස්ථානාධිපතිවරයෙක් අනතුරකට ලක්වෙයි



විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා වෑන් රථයක ගැටී තිබෙනවා. 

කළුතර උතුර පොලීසිය සඳහන් කළේ ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේදී මෙලෙස වෑන් රථයක ගැටී ඇති බවයි. 

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව පොලීසිය ප්‍රකාශ කළා. 

එම අනතුර සිදු කළ වෑන් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)