23 August 2025

logo

චිලී වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීමක්



නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොණදිග පැසිෆික් සාගරය සම්බන්ධ වන ඩ්‍රේක් පැසේජ්හී අද (22) ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ එම භූ කම්පනය රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයකින් සිදු වූ බවයි. 

මෙම භූ කම්පනයෙන් පසුව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති වුවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) විසින් චිලී වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉදිරි පැය තුන තුළ චිලී වෙරළ තීරයේ ඇතැම් ස්ථාන වෙත සුනාමි රළ කඩා වැදිය හැකි බවයි. 

(colombotimes.lk)