චීනයේ ඉදිකරමින් පවතින පාලමක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 07දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම එහිදී තවත් පුද්ගලයන් 09දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එම පාලමේ පවතින කඹ කැඩී යාම හේතුවෙන් එලෙස පාලම කඩා වැටී ඇති බවයි.