24 August 2025

logo

හෙට උණුසුම් වන ප්‍රදේශ ගැන දැනුම්දීමක්



දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරටට දැනෙන උණුසුම හෙට (24) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය පවතිනු ඇති බවයි.

එම ප්‍රදේශවල උෂ්ණත්වය හෙට සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)