සති 02ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් රුසියාවට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට තර්ජනය කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ එම සාම ගිවිසුමේ ප්‍රගතියක් නොවීම හේතුවෙන් තමා දැඩි කණගාටුවට පත්ව ඇති බවයි.
මේ අතර යුක්රේනයේ ඇමරිකානු කර්මාන්ත ශාලාවකට රුසියාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳ තමා අසතුටින් සිටින බවත් එමඟින් එහි සිටි සේවකයන් කිහිපදෙනෙක්ට තුවාල සිදු වූ බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)