23 August 2025

logo

ඊශ්‍රායලය යළි සාකච්ඡා අරඹයි



ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සදහා යළි සාකච්ඡා ආරම්භ කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
 
ඒ ගාසා තීරයේ රඳවා සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ අරමුණින්. 

නමුත් ඊශ්‍රායලයට පිළිගත හැකි කොන්දේසි මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය විසින් සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කළ අතර ඊට හමාස් සංවිධානය එකඟ වූ බවයි. 

කෙසේ වෙතත් ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඊශ්‍රායලය ඊයේ (21) ආරම්භ කළා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේඒ හේතුවෙන් පලස්තීනුවන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 70දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

(colombotimes.lk)