24 August 2025

logo

බස් රථ අනතුරක් - 05ක් ජීවිතක්ෂයට



ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක්හී සංචාරක බස් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 05දෙනෙක් මිය ගොස් ඇති බවයි.
 
ඇමරිකානු - කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස් රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුවී තිබෙනවා.
 
ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයන් මෙම බස්රථයේ ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 52දෙනෙක් ගමන් කර තිබෙනවා. 

අනතුරත් සමඟ පුද්ගලයන් බස්රථයෙන් ඉවතට විසි වී ගොස් ඇති අතර එරට පොලීසිය සඳහන් කළේ බොහෝදෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ ළමුන් කිහිපදෙනෙක් ද ගමන් කර ඇති අතර පුද්ගලයන් 21දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)