දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දුර්ලභ ගනයේ ඇරබියන් ඔරික්ස් උපතක් සිදු වී තිබෙනවා.
 
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිලධාරීන් සඳහන් කළේ එම පැටවත් මවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඇරඹියන් ඔරිස් සත්ත්ව විශේෂය ගව වර්ගයට අයත් වනවා. 
මෙම සතුන්ගේ නිජබිම අරාබිකරයේ කාන්තාර වන බවයි වාර්තා වන්නේ. 
මීට වසර ගණනාවකට පෙර ඇරබියන් ඔරිස් වදවීමේ තර්ජනයකට ලක්වී තිබුණා. 
ඉන් අනතුරුව සිදු කළ ඇරබියන් ඔරික්ස් සතුන් යොදාගත් අභිජනන වැඩසටහන් මඟින් එම සතුන් වර්ධනය කරීමට හැකියාව ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)
