23 October 2025

logo

පුනරුත්ථාපනය මධ්‍යස්ථානයක් පොලිසියෙන් වටලයි



මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, දෙහිවල – මල්වත්ත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අදාළ මධ්‍යස්ථානය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලියාපදිංචි කිරීමක් සිදු කර නොමැති බවයි.

ඒ හේතුවෙන් නීති විරෝධී ලෙස මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙක් සහ ඔහුට සහය ලබා දුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන් 34 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ එහි තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50 හා 51 වයස්වල පසුවන දෙහිවල හා බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)