17 October 2025

logo

මෙරට මතට ඇබ්බැහි වූ පිරිස ගැන අනාවරණයක්



ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙම දිනය නම් කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ අමද්‍යප ව්‍යාපාරය, මද්‍යසාර පාන භාවිතය කෙතරම් භයානකද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

මෙරට ජනගහණයෙන් 21%ක් මතට අබ්බැහි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් අද (03) දිනයේ මෙරට සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. 

මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මියයන අතර දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමඟින් වැළඳෙන  රෝගාබාධ නිසා අකාලයේ මරණයට පත්වන බවයි වාර්තා වන්නේ. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදු කළ අධ්‍යනයකට අනුව 2023 වන විට ලංකාවේ මධ්‍යසාර භාවිතය නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් ලෙස සටහන් වී තිබෙනවා. 


(colombotimes.lk)