17 October 2025

logo

මෙරට දිළිඳු ජනගහනය ගැන අනාවරණයක්



දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා. 

මෙවර එහි තේමාව වන්නේ 'ආයතනික සහ සමාජීය වශයෙන් නොසලකා හැරීම් පිටු දැක ගෞරවය හා ඵලදායී සහය දිළිඳු පවුල් වෙත යොමු කිරීම' යන්නයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලොව ජනගහනයෙන් මිලියන 700ක් දිළින්දන් බවට අනාවරණය වී තිබෙනවා. 

ඉන් වැඩි කොටසක් අප්‍රිකානු සහරා උප මහද්වීපයෙන් හමුවන බවයි වාර්තා වන්නේ.  

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට දිළිඳුබව යළිත් ඉහළ ගොස් තිබෙනවා. 

ලෝක බැංකු තක්සේරුවලට අනුව මෙරට දිළිඳු ජනගහනය සමස්ත ජනගහනයෙන් 24%ක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)