20 June 2025


මාස 06ක් තුළ මාර්ග අනතුරුවලින් සිදු වූ මරණ ගැන අනාවරණයක්



මෙම වසරේ ගතවූ මාස 06ක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1100කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

ඔහු සඳහන් කළේ මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙලෙස මාර්ග අනතුරු සිදුවන බවයි.

මෙය ඉත‍ා ව්‍යවසනකාරී තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

එමෙන්ම ඔහු කියා සිටියේ වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 01වනදා සිට අනිවාර්යෛන්ම ඉවත් කරන බවයි.

(colombotimes.lk)