13 July 2025

logo

වාහන අනයනයෙන් රේගුව ලද ආදායම ගැන හෙළි කරයි



වාහන ආනයනයට අවසරදීමත් සමඟ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ සඳහන් කළේ මෙම වසරේ ලබාදී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවායාමට රේගුවට හැකියාව පවතින බවයි.

ඒ අනුව 2025 වසරේදී වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450ක ආදායමක් ඉලක්ක කර ඇති බවත් එම ඉලක්කය ඉක්මවායාමට රේගුවට හැකියාව පවතින බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ සඳහන් කළා. 

ඔහු කියා සිටියේ රජය මෝටර් රථ ආනයනයට අවසර ලබාදුන් පසුව මේ වන විට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කර ඇති බවයි. 

(colombotimes.lk)