13 July 2025

logo

ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්



ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (19) දිනයේ සිව්දෙනෙක් සඳහා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ නිවාඩු දිනයන් වන අද (20) සහ හෙට (21) දිනවලත් තානාපති කාර්යාලය විවෘතව පවතින බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

(colombotimes.lk)