20 June 2025


සබරගමු සමන් දේවාලයේ නිලවරණයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනියි



සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කරගෙන තිබෙනවා. 

ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලයේ පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන නිසා මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර දෙන ලෙස එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු සඳහන් කර තිබෙනවා.
 
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)