මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන සඳහන් කළේ ඒ අතරින් 30%ක් ලියුකේමියාවටද, 25%ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.
මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බව ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බවයි.
පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන ප්‍රකාශ කළා.
(colombotimes.lk)