04 July 2025

logo

ගාසා තීරයේ පිළිකා රෝහලකට දරුණු ප්‍රහාරයක්



ගාසා තීරයේ ඇති එකම විශේෂිත පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන හිස්ව තිබූ තුර්කි - පලස්තීන මිත්‍රත්ව රෝහල ඊශ්‍රායලය විසින් විනාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඉතා දරුණු අපරාධයක් බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බවයි.

එමෙන්ම මේ සතියේ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 200ක් සහ කාන්තාවන් 110කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

(colombotimes.lk)