20 October 2025

logo

නිවසක් මතට පැති බැම්මක් කඩා වැටෙයි



බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටී තිබෙනවා. 

ඒ බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන්. 

අදාළ සිදුවීම වන අවස්ථාවේ නිවස තුළ කිසිම පුද්ගලයෙක් සිට නොමැති අතර ඔවුන් දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් තිබෙනවා. 

එම ආරක්ෂිත පැති බැම්ම කඩා වැටීමෙන් නිවසේ නිදන කාමර 02කට සහ මුළුතැන්ගෙට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 





(colombotimes.lk)